brand logo

මම නිදොස්කොට නිදහස්

01 July 2020

ලංකාවේ රංගන ශිල්පීන් අතරින් සුද්දෙකුගේ පෙනුමට සමාන පෙනුමක් ඇති නළුවා වන්නේ ඔහුයි. මෙකී කාරණය මෙන්ම ඔහු තුළ ඇති රංගන හැකියාවද මෑත කාලයේ රයන් වෑන්ඩ්රෝවන් ටෙලි හා සිනමා නළුවකු ලෙස ලංකාවේ ප්‍රකට වන්නට බලපෑවා මේ අතර පසුගිය කාලයේ රයන් ඇතුළු අපේ රටේ කලාකරුවන් පිරිසක් විදෙස් රටකදි අත්අඩංගුවට පත්වන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකටයි මේ සම්බන්ධව විවිධ කතා මාධ්‍ය හරහා පැතිර ගියා. ඒ අතරම කාලයද ගෙවී ගියා මේ වනවිට රයන් වෑන්ඩ්රොවන් යළි ටෙලි හා සිනමා රංගනයට අවතිර්ණ වී සිටිනවා. මේ දවස්වල මොකද කරන්නෙ හර්ෂ උඩකන්දගේ චිත්‍රපට දෙකකට ම රංගනයෙන් දායක වුණා. ඒ එක්කම නීල පබළු ටෙලි නාට්‍යයේ මාරසිංහගේ චරිතය දිගටම රඟපානව තව ටෙලිනාට්‍ය දෙකකට හා වෙළෙඳ දැන්වීමකට ඇරයුම් ලැබිලා තියෙනවා. ඒ කියන්නෙ ඔබ වැඩ අතර සිටින නළුවෙක්? කොරෝනා නිසා ඇතිවූ විරාමයෙන් පසුව සාපේක්ෂව අනිත් රංගන ශිල්පීන් එක්ක ගත්තම ඔව් මම වැඩ කරනව. ඒ ගැන සතුටුයි. පසුගිය කාලයේ ඔබට එල්ල වූ චෝදනාවලින් පසුව සුපුරුදු ලෙසම දැන් වැඩ ලැබෙනවද? ඒ සිද්දියෙන් පසුව කිසිම වෙනසක් නැහැ. එදා වගේම අධ්‍යක්ෂවරු මාව විශ්වාස කරනව. මට වැඩ ලබාදෙනව. ඒ කාරණය නිසා මගේ රංගන දිවියේ කිසිම බසුබෑමක් වුණේ නැහැ. නමුත් මම ගොඩක් තෝරා බේරාගෙන වැඩ කරන නිසා අඩුවෙන් තමයි මාව දකින්න ලැබෙන්නේ. මේ චෝදනා ඔබගේ රංගන කටයුතු වලට කිසිම ප්‍රශ්නයක් ඇති නොකළ බවද ඔය පවසන්නෙ? පැහැදිළිවම රංගන ශිල්පියෙක් විදිහට කරදරයකට මුහුණපාපු එකම පුද්ගලයා මම නෙවෙයි ඉන්දියාවෙ ගත්තත් සන්ජය දත් වුණත් මම මුහුණ දීපූ විදිහේ ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනව. ලංකාවේත් තවත් රංගන ශිල්පීන් මෙවැනි කරදරවලට මුහුණ දිලා තියෙනව. ඔවුන් හැම කෙනෙක්ම වැරදිකරුවෝද නැහැනේ. මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක්වීම නළු නිළියන් සම්බන්ධව ගත්තම සාමාන්‍ය කාරණයක් කියාද ඔබ පවසන්නෙ? අර කතාවක් තියෙනවනෙ පල ඇති රුකටයි ගල් ගහන්නෙ කියලා. අපි ප්‍රසිද්ධ චරිත වෙලා අපි සමහර වෙලාවට දේශපාලනය කරන කොට අපේ පක්ෂය විපක්ෂයක් විදිහට තියෙන කොට, අපිට මඩ ගහන්න නොයෙකුත් පුද්ගලයෝ බලාගෙන ඉන්නවා. හැබැයි මඩ ගහන හැම වාරයකම මම වැටුනෙ නැහැ. ශක්තිමත් වුණා අවසානයේ මගේ ශක්තිමත් බව නිසා හා නිර්දෝශි බව නිසා මම නිදහස් වුණා. ඔබට එල්ල වූ චෝදනාවලින් නිදහස් වූවාද? ඔව් සියලූ චෝදනා වලින් මාව නිදොස් කොට නිදහස් කරලා රුපියල් හාරදහසක දඩයකුත් ගහලා දැන් අවුරුදු එකහමාරක් විතර ගතවෙලත් ඉවරයි. හැබැයි එදා මට එල්ල වූ චෝදනා ගැන පුන පුනා ජනතාවට තොරතුරු වාර්තා කරන්න ඉදිරිපත් වූ මාධ්‍ය මම ඒ චෝදනාවලට නිවැරදිකරු කියල ජනතාවට කියන්න ඉදිරිපත් වුණේ නම් නැහැ. මේ කාරණයේදි මාධ්‍ය කටයුතු කළ ආකාරය ගැන ඔබට ප්‍රශ්නයක් තියෙනවද? මාධ්‍යයට ඕන ප්‍රවෘත්තියක්. ඉතින් ඔවුන් ඒ ප්‍රවෘත්තිය ලැබුණ සැනින් වාර්තා කළා. ඒ පිළිබඳව දීර්ඝව තොරතුරු සොයමින් වාර්තා කළා. ඉතින් ඇයි එදා මට එල්ල වූ චෝදනා ගැන සවිස්තරාත්මකව වාර්තා කළ මාධ්‍ය මාව ඒ චෝදනාවලින් නිදොස් වෙත්දි ඒ දේවල් ලියන්න කියන්න උනන්දු නොවෙන්නෙ. ඔබ නිවැරදිකරුවකු නම් ඇයි දඩ මුදලක් ගෙවන්න සිදු වුණේ? මෙහෙමනේ මට එල්ල කරපු චෝදනා ගොඩ ඔබ ඇතුළු රටේ අය දැන් දන්නවනේ. ඒ චෝදනා ඔවුන්ට ඔප්පු කරගන්න බැරිවුණ තැන මට වෙන චෝදනාවක් දාලා ඒකට මාව වැරදිකරු කරලා මට දඩයක් ගහලා මාව එළියට දානවා. මේ සම්බන්ධව මම මේ වෙලාවේ කතා කරන්නත් කැමැති නැහැ. මොකද තවදුරටත් මම ඒ සම්බන්ධව කිසියම් නීති කටයුත්තක යෙදී සිටිනවා. මේ චෝදනාව ඔබේ ප්‍රසිද්ධියට බලපෑව නේද? මං ගැන අවබෝධයක් තියෙන අය මං කොහොමද වැඩ කරන්නෙ කියල දන්නව. ඒ නිසා කව්රුවත් මාව ප්‍රතික්ෂේප කළේ නැහැ. අපිට ලෝකයේ ඉන්න හැමෝගෙම හිත් හදන්න බැහැ. මාව පිළිගන්න අයගෙ හිත් සතුටු කරගෙන මම ජීවත් වෙනව. මම හම්බ කළොත් මම හාල් කිලෝ එකක් අරගෙන ගෙදර යයි. ඔබ පෞද්ගලික තොරතුරු වසන් කරමින් සිටින නළුවෙක් බවත් පසුගිය කාලයේ කියවුණා? ඔව්. මම මගේ පෞද්ගලික ජීවිතය කිසිම මාධ්‍යයකින් කතා කරන්න කැමැති නැහැ. පෞද්ගලික ජීවිතය කියන්නෙ පුද්ගලික දෙයක්නේ. අනික මමනේ නළුවා මගේ පවුලේ අය නෙවෙයිනේ. මිනිස්සු මං ගැනනෙ දැනගන්න කැමැතිකාටවත් මොකටද මගේ පවුලේ දේවල්. ලෝකයේ ඕනම තැනක රසිකයෙක්ට වැදගත් වන්නේ කලාකරුවා සහ ඔහු කරන දෙයයි. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..