brand logo

මම දවසකට පැය 16ක් කන්නෙ නැතිව ඉන්නවා

11 May 2021

දරුවා ලැබීමෙන් පසු නෙහාරා පීරිස් නැවතත් රංගනයට සූදානම් වන බවට අපට ආරංචි වුණා. මේ නිසාම අලුත් විස්තර දැන ගන්න අපි ඇයට ඇමතුවා. නෙහාරා මව් පදවියෙන් පසු ආයෙත් වැඩ පටන් ගත්තද? තවම රංගන කටයුතුවලට ගියේ නැහැ. මේ වනවිට මම රඟපාන්න කැමැත්ත ප්‍රකාශ කළ ටෙලි නාට්‍යයක වැඩ මැයි මාසයේ පටන් ගණන් සූදානමක් තියෙනවා.

ඉදිරියේදී රඟපාන්නේ ප්‍රධාන චරිත විතරයි

යළිත් නෙහාරා පූර්ණකාලීනව රංගනය වෙත යොමු වෙන්නද අදහස... කොහොමටත් පවුල තමයි මගේ ජීවිතයේ මුල්තැන, අදටත් එහෙමයි. ඊට පස්සෙ තමයි අනිත් හැම දෙයක්ම. නිළියක් විදිහට මට කරන්න ආසයි කියලා විශේෂ චරිත නැහැ. මම මට ඇරයුම් කරන හැම වැඩක්ම භාරගන්නෙත් නැහැ. නිර්මාණයක ප්‍රධාන චරිතය විතරයි මම භාරගන්නේ. මට ප්‍රධාන චරිතය ලැබුණත් ඒ නාට්‍යය කතාබහ ලක්වෙන නාට්‍යයක් වෙයි කියල හිතුණොත් තමයි ඒක භාරගන්නෙ. මේ විදිහට වැඩවලට සීමා දාගෙන ඉන්න එක ආර්ථිකයට බලපාන්නෙ නැතිද? මගේ නෙහාරා ඩාන්ස් ස්ටූඩියෝ එක තියෙනවා. ඒකෙ විවිධ වැඩසටහන් කෙරෙනවා. බබා ලැබෙන්න හිටිය කාලෙ හොඳටම මහත් වුණා නේද... ඔව්, මම සාමාන්‍යයෙන් මම මගේ බර පවත්වාගෙන ගියේ කිලෝ 48ක සීමාවේ. නමුත් ගැබිනි කාලයේ මගේ බර කිලෝ 30 ක් වැඩිවුණා. බබා ලැබුණේ දෙසැම්බර් 1 වැනිදා. බබා ලැබෙන්න රෝහලට ගිහින් එදා උදේ බර බලද්දී මගේ බර කිලෝ 78 ක් වෙලා තිබුණා. මගේ බබා ඉපදුණේ සිසේරියන් සැත්කමකින් නිසා ඉක්මනින්නම මට ව්‍යායාම හෝ ක්‍රියාකාරකම්වලට යන්න හැකියාව තිබුණෙ නැහැ. මම නිතරම වෛද්‍යවරයගෙන් විමසුවෙත් මම කොයි තරම් කාලයක් විවේකයෙන් සිටිය යුතුද කියලයි. වෛද්‍යවරයාගේ අදහස වුණේ සති හයක් මට කිසි දෙයක් කරන්න බැහැ කියලයි. මම බබා ඉපදිලා සති 6ක් සති 12ක් ගියාට පස්සෙ හෙමිහිට ව්‍යායාම පටන් ගත්තා. මේ සඳහා මගේ වෛද්‍යවරයා වන රාජපක්ෂ මහතාගෙන් සහ ජිම් එකේ උපදේශක සෑම්ගෙන් උපදෙස් ලබාගත්තා. බබාට මාස තුනක් වුණාට පස්සේ මම ආහාර පාලනය පටන් ගත්තා. දැන් මගේ බර කිලෝ 58ක් දක්වා අඩුකරගෙන තියෙන්නේ. මට ආයෙමත් පරණ විදිහට කිලෝ 48ට යන්න වුවමනාවක් නැහැ. ඒ ප්‍රමාණය ටිකක් කෙට්ටු වැඩියි කියලා දැන් හිතෙනවා. මගේ ජිම් එකේ උපදෙශකවරයාගේ ඉලක්කය වුණේ මගේ බර කිලෝ 55 දක්වා ගෙනඒමයි. කොහොම වුණත් දැන් මම හිටිය වගේ මහත නැහැ. ඇඳුමක් ඇන්දම කැත නැහැ. ඒත් මම තවමත් ව්‍යායාම කරමින් යනවා.

බබාට මාස තුන වෙනකොට බර කිලෝ 20ක් අඩුකර ගත්තා

නෙහාරා බර අඩු කරගන්න මොන විදිහටද කන්නෙ බොන්නෙ... මම ගැබිනි සමයේ නම් හොඳටම කෑවා. මට පොඩ්ඩක්වත් හිතුණෙ නැහැ මහත් වෙයිද කියලා. ඒ දවස්වල හැමදාම වගේ කොහෙන් හරි කෑම එක්ක ලැබුණා. මම ඒවා බොහොම ආදරයෙන් රස වින්දා. එහෙම කාලබීලා ඉඳලා ආපහු කෑම පාලනය කරන එක ලේසි වුණේ නැහැ. මුලදි ටික්ක අමාරු වුණා. මේ විදිහට බර අඩුකර ගන්න ව්‍යයාම හා කෑම පාලනය සමබරව කරගෙන යන්න අවශ්‍යයි. මගේ ආහාර පාලන සැලැස්ම යන්නේ මේ විදිහට. මම දවසකට පැය 16ක් කන්නෙ නැතිව ඉන්නවා. හවස හතට ආහාර ගන්න එක නවත්වනවා. ඒ අතරතුර කාලයේ වතුර, ග්‍රීන් ටී, කළු කෝපි වගේ දෙවල් විතරයි බොන්නේ. ආයේ උදේ එකොළහේ ඉඳන් ආහාර ගන්න පටන් ගන්නවා.

අපේ දුවට දැම්මෙ චීන බබාගෙ නම

මේනකයි, නෙහාරයි පුංචි දුවට නම් තිබ්බේ උපන් වෙලාවට යෙදුණ සුබ අක්ෂරවලින්ද? බබාගේ නම මේලි නිකොලා රාජපක්ෂ. ඒ නමට ලස්සන කතාවක් තියෙනවා. මම පාසල් යන කාලේ මම අපේ පාසලේ ශිෂ්‍ය නායිකාවක් වෙලා හිටියා. ඉතින් අපිව පහළ පන්තිවල ළමයි බලාගන්න යොදවනවනේ. මම 3 පන්තිය බලාගන්න තමයි යොදවලා තිබුණේ. අපේ ඉස්කෝලෙ 3 පන්තියේ චීන බබෙක් හිටියා. එයා හරිම චූටියි, ලස්සනයි. මම එයාට හරිම ආදරෙයි. එයාගෙ නම මේලිත ඒ දවස්වල මම හිතුවා කවදාහරි මම ‘ම’ යන්න මුලට තියෙන කෙනෙක් එකක් විවාහ වුණොත්, මට දුවෙක් ලැබුණොත් මම එයාට මේලි කියලා නම දානවා කියලා. කොහොම හරි ඒ දේ ඒ විදිහටම වුණා. මට පාසල් වියේ හමුවුණ මේලි දැන් ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. එයා අදටත් මාත් එකක් කතා කරනවා. මම එයාට කිව්වා මම අපේ බබාට නම දාන්නෙ මේලි කියලා. එයාටත් හරිම සතුටුයි. ආයෙත් ලංකාව අතහැරලා යනවද? නැහැ, නැහැ. අපි ආයේ එහෙ පදිංචියට යන්නේ නම් නැහැ. අපි දිගටම ලංකාවේ ඉන්නවා. නමුත් නිවාඩුවලට ඇමරිකාවට ගිහින් එන්න ඉඩ තියෙනවා. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..