brand logo

මම තනිකඩයි... කාගෙවත් පෙම්වතියක් නොවේ

22 June 2019

අතිශය ජනප්‍රිය යොවුන් නිළියක වන උදාරි කෙෘෂල්‍යා කෙටි නිහැඩියාවකින් පසු ඇරඹූ රංගන දිවියේ තතු දැනගැනීමේ අරමුණින් ඇයව හමුවන්නට තීරණය කළා. ඇය හා පැවැති කතාබහ අතර තුර අපට හැගුණෙ නිහැඬියාවෙන් පසු එලඹෙන හෝරාව වඩාත් දොඩමළුය යන කියමනයි අද උදාරි අද ගත කරන්නෙ බොහෝ වැඩ අධික සමයක් බවයි. උදාරිට වැඩ කිහිපයකටම කාලය වෙන්කරන්න වී ඇති හැඩයි ? ඔව්. මේ දිනවල විකාශනය වන රාවණා රෑ ගත කිර්මා කරන අතරතුරේ අනුලා දේවි හා හේලි කියන ටෙළිනාට්‍ය දෙකෙත් වැඩ කරනවා. මම රංගනට අමතරව මනාළියන් දැක්මවල් වල නිරූපිකාවක විදිහටත් වැඩ කරනව. මියුසික් වීඩියෝවලත් නිරූපණයේ යෙදෙනව. මට ලැබුණ අලුතම අවස්ථාව තමයි හඬකැවීම්වලට සහභාගි වෙන්න ලැබුණ අවස්ථාව. උදාරි මේ වෙද්දි ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නවද? නැහැ මෑතකදි මට ලැබුණ නිර්මාණ අතරින් මම තෝරගත්ත නිර්මාණ කිහිපයක තමයි වැඩ කරන්නෙ. මොකද මම එක ළඟ ටෙලිනාට්‍ය කිහිපයක් බාරගන්නෙ නැහැ දින ප්‍රශ්න එන නිසා. ඔබ ඔබට ලැබෙන චරිත අතර විවිධත්වයක් දකිනවද? ඔව් අනුලාදේවි ටෙලිනාට්‍යයේ මම දමිළ වෛද්‍යවරියකගේ චරිතයක් රඟපානවා හේලි නාට්‍යයෙත් මට තියෙන්නෙ වෙනස් ආකාරයෙ චරිතයක්. ඇත්තටම මම ආස විවිධ චරිත රඟපාන්න මට මෙතෙක් ලැබී තියෙන්නෙත් එකම රටාවකට කොටු නොවනු චරිත. උදාරි මේ ගමන අතරමගදි නිහඬ වුණේ විවාහයත් එක්ක රංගයට සමුදුන් නිසාද? මම ටෙලිනාට්‍ය රංගනයට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනවා. මම රංගනට ඇවිත් වසර හතරක් විතර එක දිගටම වැඩ කරගෙන හිටියා. ඉන් පසුව මම උසස් අධ්‍යාපනයට ඇමෙරිකාවට ගියා මම රටින් පිටවෙලා යන්නෙ රංගනයට සමුදිලා නෙවෙයි. නැවත මම අවුරුද්දකින් විතර ආපසු ලංකාවට ආවත් මගෙ පුද්ගලික හේතුවක් මත හැම දේකින්ම ඈත්වෙලා හිටියා. මේ දුරස් විම ඔබට රංගන අවස්ථා අඩුවීමට බලපෑවද? නැහැ. ලංකාවට ආව සැනකින් මට වැඩ ලැබුණා. ඒත් මම ඒ කිසි දෙයක් බාරගත්තෙ නැහැ. මොකද මට ඒ දිනවල හොඳ මානසිකත්වයක් තිබුණෙ නැහැ. ඒ වැඩ කරන්න දැන් මම ආයෙත් වැඩ පටන් අරගෙන. මට හැකි උපරිමයෙන් ඒ නිර්මාණවලට සාධාරණයක් කරනව. මගේ ජීවිතයේ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ මට ලැබෙන වැඩ ටික හරියාකාරව කරන එක තමයි මගේ එකම තෘප්තිය. රටහැර යාම හා රංගනයෙන් දුරස්වීම නිසා ඔබට ඔබේ රසිකයන්ව අහිමි වූවාද? කියන්න සතුටුයි මගේ පළමු ටෙළිනාට්‍යයෙන්ම මා වටා එකතුවුණ ප්‍රෙක්ෂකයින්ගෙ ආදරය කවදාවත් අඩුවුනෙ නැහැ. මම ඇමෙරිකාවෙ ඉද්දිත් සමාජ මාධ්‍ය ජාලාවලින් ඔවුන් මට පණිවුඩ එව්වා. ලියුම් එව්වා. තෑගි එව්වා. මම ලංකාවට ආවට පස්සෙත් ඒ ආදරය වැඩිවුණා. මේ දවස්වල රාවණා ටෙළිනාට්‍යයේ මම කරන හේමත්තරා චරිතයට ගොඩක් දෙනා ආදරය කරනව. මම කරපු අනිත් ටෙළිනිර්මාණත් රසිකයන් අතරට එනතුරු මම නොයිවසිල්ලෙන් බලා ඉන්නෙ. ප්‍රශ්න නිසා නතරවුන හැමදේම යළි හොද විදිහට ක්‍රියාත්මක වෙත්දි ඔබේ ආදරය? මම කාගෙවත් පෙම්වතියෙක් නෙවෙයි ඇත්තටම මම තනිකඩ දිවියක් ගත කරන්නෙ බැඳීම්වලින් තොරව මම ගතකරන මේ ජීවිතය මනසට සහනයක් බුදුදහමෙත් කියවෙනවනෙ බැඳීම් දුකක් අත්හරින තාක් අපිට සැණසිල්ල ලැබෙනව කියලා මම හැමදෙයක්ම කැපකරලා එි සතුට සැනසිල්ල ලබනව. ඔබගේ ජීවිතයෙන් වෙන්ව ගිය ඔහු ගැන ඔබට ඇත්තෙ කුමනාකාර හැඟීමක්ද? ඒ ගැන මගේ හිතේ කිසිම තරහක් පලිගැනිමේ චේතනාවක් හෝ කිසිම හැගිමක් නැහැ මට කිසිම තරගයකුත් නැහැ. මම මගේ ගමන යනවා. මම හිතන්නෙ හැමදේම සිද්ද වුණේ මගේ හොඳට කියලා. වෙව්ච දේවල් නිසා මම ජීවිතය ගැන කළකිරිලත් නැහැ. නමුත් මේ වෙද්දි තනියම ජීවත්වෙන එක විශාල සහනයක් විදිහට දැවෙනවා. අද ඔබේ ළඟින්ම ඉන්නෙ කව්ද? මගේ දෙමව්පියන් මට එයාලගෙ ආදරය නොඅඩුව ලැබෙනව. මගේ නංගියි මල්ලියි උසස් අධ්‍යාපනය සඳහා කැනඩාවට ගිහින් ඉන්නෙ මේ ප්‍රශ්න එක්ක මානසික වැටිලා හිටිය කාලෙ මගේ තාත්තා මට ශක්තියක් වුණා. මොනව කිව්වත් උදාරි තවමත් සිත රිදවාගෙන ඉන්නව වගෙයි? අද වෙද්දි මම ඒ හැම දෙයක්ම අමතක කරලා ඉන්නෙ. නමුත් ඒවයින් ඉගෙන ගත්ත පාඩම් මගේ ඉදිරි ජීවිතයට අක්දැකීම් කරගත්තා. මොකද මං ආදරය කරද්දි මම මං ගැනවත් හිත්නනෙ නැතිව අනිත් කෙනා වෙනුවෙන් මගේ සතුට කැපකළා. මම දැන් හිතනව ඒක අනුවන ක්‍රියාවක් කියලා. උදාරිට යළි පෙම් ඇරයුමක් ලැබුණොත්? මට එවන් ආරාධනා ලැබෙනව. විවාහ යෝජනා එනව මට තවම එහෙම ආදරයක් ගැන හිතිලා නැහැ. මගේ බිඳුන විවාහයත් එකක් මම අවබෝධ කරගත්ත දේ තමයි අපි හිතනව වගේ මිනස්සු සුන්දර නැහැ. ආදරය කරද්දි මින්සසු හීන ලෝක මවනව. මවාගෙන හීන ලෝක පෙන්වනව ඒ පෙන්වන හින හැබෑව ඇතුළෙ නැහැ. අද සමාජයේ බොහෝ දෙනා විවාහ වෙන්නෙ මුලින්ම ඇතිවන ආකර්ශනය නිසා. කෙනෙක්ව තේරුම් අරගෙන මැරෙන කාත් අත්වැල් බැදගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි. තවමත් ඉතා තරුණ වියේ සිටින ඔබට යළි විවාහ වෙන්න කියා දෙමාපියන් පවසන්නෙ නැතිද? මගේ දෙමවුපියන් මම නැවත විවාහයක් කරගනියි කියලා අපේක්ෂා කරනව. නමුත් ඔවුන් මට බල කරන්නෙ නැහැ. මම දන්නෙ නැහැ ඉදිරියේ මොනව වෙයිද කියලා. දැනට මම ඒ ගැන අපේකෂාවකින් තොරවයි ජීවත් වෙන්නෙ. අනික විවාහයත් බිඳී ගිහින් තනිව ජීවත්වෙන පළවෙනි කෙනා සහ අන්තිම කෙනා මම නෙවෙයිනෙ. උදාරි ඇමෙරිකාවට ගිහින් සම්පූර්ණ කළ අධ්‍යාලනයෙන් යමක් කරන්න සැළසුමක් තියෙනවද? මම කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධියත් හා රූපලාවන්‍යකරණය පිළිබඳ උපාධින් කරලා තියෙනවා. මම ඉගෙන ගත්තෙ කොළඹ මියුසිසෙස් විද්‍යාලයෙන් උස්සපෙළ විභාගයෙන් මට අයිලන්ඩ් රෑන්ක් එකක් පවා තියෙනව. මම ඇමෙරිකාවට ගියේ කොළඹ විශ්වවිද්‍යාලයෙ කළ උපාධියෙ ඉතිරි වැඩ අවසන් කරන්නයි. ඇමෙරිකාවෙ ඉඳන් ඇවිත් මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හිටියෙ. නොහිතූ විදිහට ආපු ප්‍රශ්න නිසා මම ඒකෙන් ඈත්වුණා නමුත් දැන් මම බලාපොරොත්තු වුන ව්‍යාපාරය ආරම්භ කරන්න සැළසුම් කරනව. සුරංජි පතිරණ
 

More News..