brand logo

මම කවදාවත් දේශපාලනයට එන්නේ නෑ - සංගක්කාර

13 August 2018

2020 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් නොවනවා පමණක් නොව මොනම ආකාරයකවත් දේශපාලන ක්‍රියාකාරකමකට තමන් සම්බන්ධ නොවන බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. සංගක්කාර දේශපාලනයට පිවිසෙන බවට සමාජය තුල ඇතිවී තිබෙන සංවාදයට පිළිතුරු ලෙස තම නිල ෆේස් බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු මෙසේ පවසා තිබේ. 2020 ජනාධිපතිවරණයට තබා කිසිදු ආකාරයක දේශපාලන ක්‍රියාකාරකමකට සම්බන්ධවීමට තමා තුළ බලාපොරොත්තුවක් නොතිබූ බවත් ඉදිරියේදීද සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් නැති බවත් ඔහු අවධාරණය කරයි. දේශපාලනය වැදගත් හා දැඩි වගකීම් සහගත කාර්යභාරයක් වන බවත්  දුරදිග බලා වගකීම් සහගතව ඒ සඳහා පුද්ගලයින් තෝරා ගත යුතු බවත් ඔහු සඳහන් කරයි. ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමෙන් අනතුරුව තම ප්‍රධානතම කාර්ය තමාගේ පවුල ගැන අවධානය යොමු කිරීම බවත් දේශපාලනයෙන් තොරව තමන් සිදු කළ සමාජ සත්කාර ඉදිරියටත් සිදුකරන බවත් ඔහු සඳහන් කරයි. දේශපාලඥයන්ගේ වුවද යහපත් වැඩසටහන් සඳහා නොපැකිළිව සහයෝගය ලබා දීමට සූදානම් බවද ඔහු සඳහන් කර ඇත.   https://www.facebook.com/Official.Kumar.Sangakkara/posts/10156730524985962
 

More News..