brand logo

මනෝ ගනේෂන් දුමින්දට සමාව ඉල්ලා ආණ්ඩුව හා එක්ව පෙත්සමට අත්සන් කළ බව පිළිගනී

26 October 2020

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදකරු වී මරණ දඩුවමට ලක්කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂය අත්සන් තැබූ පෙත්සමට මනෝ ගනේෂන් හා තමන් ඇතුළු විපක්ෂ කණ්ඩායමක් අත්සන් කළ බව සමගි ජනබලවේගයේ පාර්ශවකාරයෙකු වන දෙමළ ප්‍රගිතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධාක්‍රිෂ්නන් මහතා කියයි. අප ඊයේ(25) මේ අත්සන් කිරීම පිළිබද නිලනොවන මට්ටමේ අනාවරණයක් කළ අතර මේ බව තහවුරු කරගැනීමට මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීමට කීපවිටක් උත්සහා කළද එය ව්‍යාර්ථ විය. පසුව අප මේ පිළිබද රාධාක්‍රිෂණන් මහතාගෙන් විමසු අවස්ථාවේදී ඔහු කියා සිටියේ මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, අරවින්ද කුමාර්, උදයකුමාර් සහ තමන් මේ ලිපියට අත්සන් කළ බවයි. ‘‘අහිංසක ජීවිතයක්‘‘ නිකරුනේ මරණයට පත් වීමෙන් වලක්වා ගැනීම සඳහා ටිරාන් අලස්ගේ ඉල්ලීම මත තමන් ඇතුළු පිරිස මේ ලිපියට අත්සන් කළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය. සබඳැ පුවත් පහතින්..... https://bit.ly/3jqAvVb https://bit.ly/34qHMQK    
 

More News..