brand logo

මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු සහල් මෙට්‍රික් ටොන් 3.3ක් සත්ව ආහාර නිෂ්පාදනාගාරයක

20 August 2020

මනුෂ්‍ය පරිභෝජනයට ඉතාමත් සුදුසු තත්වයේ පවතින සහල් තොගයක් සත්ව ආහාර නිෂ්පාදනයට සූදානම් කර තිබියදී සිය භාරයට ගැනීමට පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිසා වැටලීම් ඒකකයට අද (20) හැකිවිය. සත්ව ආහාර නිෂ්පාදනය සඳහා තහනම්කොට ඇති කල් ඉකුතු දින ඉදිරියට පවතින විවෘත කිරීමක් හෝ නොකළ සහල් මලු විශාල ප්‍රමාණයක් උඩුබද්දාවේ පිහිටි සත්ව ආහාර නිෂ්පාදනාගාරයේ තිබී නිළධාරීන් භාරයට ගෙන තිබූ අතර එහි සහල් මෙට්‍රික් ටොන් 3.3ක් තිබූ බවද වැටලීම් නිළධාරීහු පැවසූහ. කුරුණෑගල වැටලීම් ඒකකයට ලද විශේෂ තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබිණ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් විධාන අංක 72 යටතේ නිකුත්කර ඇති අති විශේෂ චක්‍රලේකනයට අනුව කිසිසේත් සත්ව ආහාර උදෙසා මිනිසාගේ ආහර සඳහා යොදාගතහැකි සහල් භාවිතා කිරීම තහනම් කර ඇති බවත් ඒ අනුව දිගින් දිගට මෙවන් වැටලීම් ඉදිරියේදීද සිදුකිරීමට නියමිත බවත් එහිදී වැටලීම් කණ්ඩායම භාර නිළධාරී මහතා පැවසීය. අත්අඩංගුවට ගත් සහල් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒවා ආවරණ සහිතව මුද්‍රා තැබීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීන් කටයුතු කරනු ලැබීය. කුරුණෑගල දිසා පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිළධාරීන් වන සමීර සම්පත් දිසානායක, ඉසිරි ප්‍රනාන්දු, ප්‍රියන්ත රස්නායක, දිලීප නුවන්, අරුණ ශාන්ත, මාලිංග ගුණවර්ධන යන මහත්වරුන් විසින් අදාළ වැටලීම සිදුකර ඇති අතර අද දින අධිකරණ කටයුතු සිදුකිරීමටද නියමිතය. මනුසත් සේරසිංහ - කුලියාපිටිය
 

More News..