brand logo

මනුෂ්‍ය ඝාතනයක් හා පුද්ගලයෙකුට තුවාල සිදු කළ 3කට මරණ දඬුවම

02 August 2019

මනුෂ්‍ය ඝාතනයකට සහ පුද්ගලයකුට තුවාල කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරුවන් වූ පුද්ගලයින් තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් අද මරණ දඬුවම නියම කර ඇත. එලෙස මරණ දඬුවම නියම වුයේ, පොහොරවත්ත පොල්ගහවෙල පදිංචි ඩග්ලස් වික්‍රමපාල, සෙනරත් රණසිංහ සහ ප්‍රදීප් සංජීව ජයරත්න යන තිදෙනෙකුට වන අතර 2005 වසරේ පොහොරවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත අධිචෝදනා ගොනු කර ඇත. ඉන් එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කර ඇත.
 

More News..