brand logo

මනාප පොරයට ලෑස්තියි - අපි ගෙඩිය පිටින් ඉල්ලන් නෑ

18 February 2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව ගොඩනගන ලද සන්ධානය පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුට ගැටලුවක් නොමැති බව ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි. නව සන්ධානය ඉදිරි මහ මැතිවරණය තුනෙන් දෙකක බලයක් සහිතව ජය ගන්නා බවයි හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් චාමර සම්පත් දසනායක මහතා මේ බව පැවසීය. ඉදිරි මහ මැතිවරණයේදි මනාප පොරයක් පවතින බවත් එය තමන්ට ගැටලුවක් නොවන බවද හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේය
 

More News..