brand logo

මන්නාරම සුළං බලාගාරයේ වැඩ අවසන් අදියරේ

06 July 2020

මන්නාරම ඉදිවන ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරයේ වැඩ අවසන් අදියරට පත්ව තිබේ. දැනට මෙරට ඇති සුළං විදුලි බලාගාරවලින් නිපදවන විදුලිබල ධාරිතාව මෙගාවොට් 10ත් 15ත් වන නමුත් මන්නාරමේ සුළං විදුලිබලාගාරය දිනකට මෙගාවොට් 104ක් ජාතික විදුලිබල පද්ධතියට එක්වීමට නියමිතය. අගෝස්තු මාසයේ අවසානය වන විට ​ මන්නාරම සුළං විදුලි බලාගාරය ආරම්භ කිරීමට විදුලි බල මණ්ඩලය පියවරගෙන තිබේ. මන්නාරම සුළං විදුලි බලාගාරයෙන් මාසයකට රුපියල් බිලියන දහයක් ඉතිරිවන බව පවසන විදුලිබල මණ්ඩලය 2030 වසර වන විට පරිසරයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම මට්ටමක තබා ගැනීම සඳහා ලෝකයේ රටවල් අත්සන් කොට ඇති ගිවිසුම සාර්ථක වීම සඳහා සුළං බලයෙන් හා සූර්ය බලයෙන් ක්‍රියාකරන විදුලි බලාගාරය ඉතා වැදගත් බවද සඳහන් කරයි.   කිත්සිරි ප්‍රසන්න - යාපනය
 

More News..