brand logo

මන්නාරමේ නිවසකින් ලියාපදිංචි නොකළ ඩ්‍රෝන කැමරාවක් සොයාගනියි

02 May 2019

මන්නාරම, පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන කැමරාවක් සමඟ පුද්ගලයකු ඊයේ (01) අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසයි. පොලිසිය වෙත ලද තොරතුරක් මත මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී සැකකරු හා ඩෝන කැමරාව අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ අදාළ කැමරාව කුමන අරමුණින් රැගෙන ආවේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවයි. පසුගිය (28) වැනිදා මන්නාරම පේසාලේ නාවික හමුදා කඳවුර ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝගත කොට ඇති අතර නාවික හමුදා නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමේදී ඩෝන කැමරාව අතුරුදහන්ව තිබුණි. පොලිසිය පැවසූයේ පේසාලේ නාවික හමුදා කඳවුර අවට වීඩියෝ ගතකිරීමට අත්අඩංගුවටගත් ඩෝන කැමරාව යොදාගත්තේද යන්න සොයා වැඩිදුර විමර්ශන සිදුකරන බවයි. සිද්ධිය සම්බන්යෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව මාධව කුලසූරිය
 

More News..