brand logo

මන්නාරමෙන් පුපරණ ද්‍රව්‍ය ‍තොගයක් සොයා ගනියි

22 April 2019

මන්නාරම,එරුක්කලම්පිටිටි,ඔළුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(22) සොයාගත් බව මන්නාරම පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ගෙවත්තක තිබි අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි. අදාළ ගෙහිමියා ගෙවත්ත පවිත්‍ර කරන අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය දැක අනතුරුව පොලිසිය දැනුවත් කොට ඇති බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ ලීටර 20 ක ප්‍රමාණයේ කෑන් එකක් තුළ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ එලෙස සොයාගත් බවයි. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය පැවසූහ. සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..