brand logo

මන්නාරමෙන් ක්ලේමෝ බෝම්බයක් සොයාගනියි

07 March 2019

පසුගිය යුධ සමයේ එල් ටි ටි සංවිධානය විසින් භාවිත කළ බවට සැක කරන කිලෝග්රැම් තුනක් පමණ බර ක්ලේමෝ බෝම්බයක් මන්නාරම, පෙරියකඩෙයි මුස්ලිම් පල්ලිය අසළදී අද(06) සොයාගත් බව මන්නාරම පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ මුස්ලිම් පල්ලිය ඉදිරිපස කානුවක් පිරිසිදු කරමින් සිටි මන්නාරම නගරසභා සේවකයින් පිරිසකට අදාළ බෝම්බය හමුවි ඇති බවයි. යුධ සමයේ එල් ටි ටි සංවිධානය ආරක්ෂක අංශ වෙත පහරදීම වෙනුවෙන් භාවිතා කළ ක්ලේමෝ බෝම්බයක් එලෙස හමුවි ඇති බවද පොලිසිය සදහන් කළේය. පොලිසිය පැවසූවේ සොයාගත් ක්ලේමෝ බෝම්බය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කොට අධිකරණ නියෝග මත බෝම්මබය නිශ්ක්‍රීය කිරීමට නියමිත බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..