brand logo

මන්නාරම් සුළඟින් මේ මස අගදී විදුලිය

02 October 2020

මුහුදේ කුලුනු ඉදිකර සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා අවධානය යොමුව ඇති බවත් එවැනි බලාගාරයක් ඉදිකළ කලාපයේ පළමුවැනියා බවට පත්වීමේ අවස්ථාව ඒ අනුව ශ්‍රී ලංකාව සතුවන බවත් සූර්ය බල, සුළං හා ජල විදුලි ව්‍යාපෘති රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක පැවැසුවේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මන්නාරමේ ඉදිකර ඇති සුළං විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීමේ චාරිකාවෙන් පසුවය. මෙගාවොට් 103ක ධාරිතාවයෙන් යුත් මන්නාරම සුළං විදුලි බලාගාරයට අමතරව තවත් සුළං සහ සූර්ය විදුලි බලාගාර තුනක් ඉදිකිරීමටද ස්ථාන හඳුනාගෙන ඇතැයි කී ඇමැතිවරයා එම බලාගාර තුනෙන් මෙගාවොට් 800ක් ජාතික විදුලි පද්ධතියට ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි පැවැසීය. මන්නාරමේ මේ වන විට සුළං විදුලි බලාගාරය ඉදිකර ඇති ප්‍රදේශයේම තවත් මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාරයක් ඉදිකෙරෙන බව කී ඇමැති දුමින්ද දිසානායක පුනරින් ප්‍රදේශයේ මෙගාවොට් 400ක සුළං සහ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමටද සැලසුම් කර ඇතැයි කීවේය. තවද සබරගමුව පළාතේ මෙගාවොට් 100ක ධාරිතාවකින් යුත් තවත් සූර්ය බලාගාරයක් ඉදිකෙරෙණු ඇති බවද ඇමැතිවරයා කීවේය. අජිත් අලහකෝන්
 

More News..