brand logo

මන්ත්‍රී සැප වාහන ගෙන්වීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

17 June 2021

  පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය සඳහා රජය ගෙන තිබෙන තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ලංකා බැංකුව, රේගු අධ්‍යක්ෂ ජනරාල්, ආනයන අපනයන පාලන අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු 31 දෙනෙකු නම් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා පෙත්සම ඉදිරිපත් කර තිබේ. මහින්ද ජයසිංහ මහතා සඳහන් කර සිටින්නේ කොරෝනා වසංගතය මෙරට තුල දැඩි පසුබෑමකට ලක්ව තිබෙන මොහොතක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා සූඛෝපභෝගී වාහන 227ක් ආනයනයට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙන බවයි.
 

More News..