brand logo

මන්ත්‍රීවරුන් වැලි බලපත්‍ර 765ක් ඉල්ලලා

06 March 2021

ඉරණතිව් දූපතේ මුස්ලිම් දේහයන් භූමදානයට එරෙහිව දෙමළ ජනතාව පෙලඹවීම පසුපස ප්‍රබල දේශපාලනඥයකුත් සිටින බව හෙළිවී ඇත. මෙම දේශපාලනඥයාගේ හිතවතකු විසින් එම දූපතේ මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කර තිබුණද මුස්ලිම් දේහයන් භූමදානය කළහොත් එය නවත්වා දැමීමට සිදුවන නිසා මෙම උසිගැන්වීම් කරන බව හෙළිවී ඇත. දෙමළ ජනතාව මුල් කරගෙන ආගමික නායකයන් එක්ව මෙම උද්ඝෝෂණ මාලාව ඇරඹුණු අතර මේ හේතුවෙන් දේහයන් භූමදානයට මන්නාරමේ හෝ නැගෙනහිර පළාතේ විකල්ප තැනක් සොයා ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ. මෙලෙස ලිපි යොමු කරන ලද පිරිස අතර, ඇතැම් දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන්ද සිටින බව සඳහන් වේ. කොළඹ ප්‍රදේශයේ දේශපාලනඥයකු විසින් සිය හිතවතුන්ට වැලි කැණීම් බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලා ලිපි 78ක් යොමු කර ඇතැයිද අනාවරණය වේ. වැඩි වශයෙන්ම ලිපි යොමුකර ඇත්තේ මහවැලි ගඟෙන් වැලි ගොඩ දැමීම සඳහා බලපත්‍ර ලබා ගැනීමටය. එමෙන්ම, පොළොන්නරුව, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් වැලි ගොඩ දැමීම සඳහා අවසරය ලබා දෙන ලෙස ඉල්ලා ඇත. කිසිදු දේශපාලනඥයකුගේ හිතවතකුට හෝ ඥාතියකුට වැලි කැණීම් බලපත්‍ර ලබා නොදෙන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. එමෙන්ම, විධිමත්ව වැලි කැණීම් බලපත්‍ර ලබා දෙන ලෙසද ඇමැතිවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට දැනුම් දී ඇත. වැලි කැණීම් බලපත්‍ර දිළිඳු ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන ලෙසත්, එමගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට කටයුතු කරන ලෙසත් පරිසර ඇමැති මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට පවසා තිබේ. ඉකුත් වසරේ (2020) ජනවාරි මස පළමුවැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලය තුළ දී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ගංගාවලින් වැලි කැණීම සඳහා බලපත් 5171ක් නිකුත් කර ඇත. වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා වන අතර එම දිස්ත්‍රික්කයට නිකුත් කර තිබෙන වැලි කැණීම් බලපත්‍ර සංඛ්‍යාව 2046කි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..