brand logo

මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

22 May 2021

වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් යන දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක එන්.එම් ෂහීඩ් මහතා පවසයි. ඡන්දයට පෙර පසුගිය 04 වැනිදා පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට එරෙහිව යමින් වරාය පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව ඔහු සඳහන් කරයි
 

More News..