brand logo

මන්ත්‍රීවරියකගේ පොහොට්ටුවේ සාමාජිකත්වය අත්හිටුවයි

18 May 2021

උකුවෙල තාංලිංගාමඩ ග්‍රාම නිලධාරිනි සමුද්‍ර ඒකනායක මහත්මියට පහර දුන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිනි හිමාලි එරන්දිකා අබේරත්න මහත්මියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ. කොවිඩ් තත්වය හේතුවෙන් සංචරණ සිමා පැනවිමෙ හේතුවෙන් අඩු ආදායම් ලාභි පවුල් සදහා රුපියල් පන්දහසේ භාණ්ඩ මල්ල ලබා දිමේ වැඩපිළිවෙල යටතේ උකුවෙල කැන්දගොල්ලාමඩ වසමේදි අදාළ භාණ්ඩ ලබා දිමේදි ඇතිවු ගැටලු කිහිපයක් අදාළ මන්ත්‍රිවරිය සහ ග්‍රාම නිලධාරිවරිය අතර ඇතිවු කතාබහක් හේතුවෙන් මෙම පහරදිම සිදුව ඇත. අනතුරුව මන්ත්‍රිවරිය පොලිස් අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් පනස්දහසක ශරිර ඇප මත මුදාහරුණි. පහරකෑමට ලක්වූ ග්‍රාමනිලධාරිවරිය මේ වන විට ජම්බුගස්පිටිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
 

More News..