brand logo

මන්කිපොක්ස් "එම්පොක්ස්" වෙයි ?

23 November 2022

ලෝක සෞඛ්‍ය සංවිධානය ගන්න යන අලුත් තීරණය

මන්කිපොක්ස් වෛසරයේ නාමය එම්පොක්ස් (MPOX) ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුවී තිබේ. ඒ පිළිබඳ තීරණය හෙට(24) ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.. මන්කිපොක්ස් නාමය හේතුවෙන් යම් කණ්ඩායමක් හෝ තුන්වන පාර්ශවයකට අගතියක් සිදුවන බව පවසමින් පසුගිය කාලය තුළ මන්කිපොක්ස් වෛරසයේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව අවධානය යොමුකරනු ලැබුවේය. මේ වනවිට ලොව පුරා මන්කිපොක්ස් ආසාදිතයන් 20,774 ක් වාර්තාවී ඇති අතර, ඔක්තෝම්බර් 25 සිට නොවැම්බර් අටවනදා දක්වා ආසාදිතයන් 47 දෙනෙකු වාර්තාවී ඇති බව සඳහන් වේ.
 

More News..