brand logo

මධූෂ් රැගෙන ගොස් සිදු කළ මෙහෙයුමකදී ටී 56 ගිනි අවියක් හමුවෙයි

29 June 2019

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් සඟවා තැබූ ටී 56 ගිනි අවියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්යය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී කිඹුලාපිටිය පාරේ අක්කර 50 ඇල නොහොත් දළුපොතඇල ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබියදී එම ගිනි අවිය සොයා ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෝදිසි මෙහෙයුම සිදු කළ ස්ථානයට මාකඳුරේ මධූෂ් ද රැගෙන ගොස් ඇති අතර සොයා ගත් ටී 56 ගිනි අවිය වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

More News..