brand logo

මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ පසුවූ 06ක් දිවයිනට

17 April 2019

අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ පසුවූ තවත් සැකකරුවන් 06 දෙනෙකු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. අද (17) අලුයම 4.45 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය. අත්අඩංගුවට ගත් පිරිස අතර නිලාන් රොමේෂ් සමරසිංහ නැමති මධුෂ්ගේ ඥාති සහෝදරයෙකු ද සිටින අතර අනෙක් පිරිස වන්නේ මොහොමඩ් රිසාන් මොහොමඩ් බදුර්දීන්, ගයාන් බුද්දිම පෙරේරා, මොහොමඩ් ජබීර්, සුරේෂ් වසන්ත රණසිංහ සහ සයිමන් හේවගේ යන පුද්ගලයින්ය.
 

More News..