brand logo

මධුෂ් අත්අඩංගුවට ගැනීම පිලිබඳ නිල වශයෙන් ඩුබායි රජය දන්වා නැහැ - රුවන්

06 February 2019

මාකඳුරේ මධූෂ් මෙරට ආරක්ෂක අංශ භාරයට ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මදූෂ් අත්අඩංගුවට ගත් බවට ඩුබායි රජය මේ වනතෙක් නිල වශයෙන් මෙරටට දැනුම් දී නොමැති බවය.ජාත්‍යන්තර රතු නිවේදන ලබා සිටි මෙරට ප්‍රබලතම පාතාල කල්ලි නායකයා හෙවත් පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වෙන මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගෙන තිබුණේ ඩුබායිහී හෝටලයක සංවිධාන කර තිබූ සාදයක් අතරතුරදි වන අතර ඩුබායි ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. ඔහු සමග තවත් අපරාධ කල්ලි සාමාජිකයින් සහ කලා කේෂ්ත්‍රයට සම්බන්ධ පිරිසක් ඇතුළු 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. ඒ අතර ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරාද සිට ඇති බව සඳහන් වුණා. එම සියලු දෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. කෙසේ වෙතත් මාකඳුරේ මධූෂ්, මෙරටට ගෙන්වාගෙන නීතිය හමුවට පැමිණවීමට අදාළ රජයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේ නිල වශයෙන් දැනුම් දුන් පසුව එයට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් මධූෂ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලැබී ඇත්තේ ආරංචියක් පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 

More News..