brand logo

මධුෂ්ගේ ඝාතනය තමන්ටත් ප්‍රෙහෙලිකාවක් බව පොලිස් ලොක්කෙක් කියයි

27 October 2020

සංවිධානාත්මක අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරන්නේ මදූෂ් යනු ප්‍රබල අපරාධකරුවෙකු මෙන්ම Master Minder (මාස්ටර් මයින්ඩ්) කෙනෙකු බවයි. මේ බව යුටියුබ් සමාජ ජාලයේ නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සඳහන් කර ඇත. එහිදී ඔහු සඳහන් කරන්නේ මදූෂ්ව ආරක්ෂා කර ගත යුතුව තිබුණු බව පවසන නි.පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ එමගින් ඔහුගෙන් තොරතුරු සියල්ල ලබාගත යුතුව තිබුණු බවයි. එමන්ම මදූෂ්ගේ ඝාතනය ගැටලුවක් වී ඇති බව තමන් පිළිගන්නා බවද සංවිධානාත්මක අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කර ඇත. මදූෂ්ගේ වැටලීම සඳහා විශේෂකාර්ය බලකා සෙබළුන් රැගෙන නොයෑම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් ඇතැයි සඳහන් කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේ මදූෂ්ව නිරුපද්‍රිතව ගලවා ගැනීමට නොහැකි වීම ගැටලුවක් බවයි. මදූෂ්ව ඝාතනය කිරීමට පෙර දින තොරතුරු අනාවරණය වූ බව තමන් නොදන්නා බව පවසන නි.පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ මදූෂ්ව දණ ගස්සවා වෙඩි තැබූ බවට යන මතය තමන් පිළිනොගන්නා බවකි. සබැඳි පුවත්..... මදුෂ් ඝාතනයට එරෙහිව නඩු දායි - https://bit.ly/3oy06zc ලොක්කන්ගේ තොරතුරු එළි කරනවා කිව්ව නිසා පුතා මැරුවා - https://bit.ly/3otDAHS මධුෂ්ගේ රොබෝවරු එක බොත්තමෙන් වැඩ - https://bit.ly/34xszgK මධුෂ්ගේ කොම්පැනියෙන් ලාභ ගත්ත දේශපාලනඥයා ගැන ගම්මු කියයි - https://bit.ly/2G2BFJ5
 

More News..