brand logo

මධුමාධව සොයා පොලිස් මෙහෙයුම් දිගටම - මිනුවන්ගොඩ ගිය මොන්ටෙරෝ රථය අල්ලයි

21 May 2019

මිනුවන්ගොඩ නගරයේ පසුගිය 13දා ජනතාව ප්‍රකෝප කරමින් වෙළදසැල් වලට ගිනි තැබීමේ සිද්ධියට අදාව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට ගිය පොලීසිය ඔහු ගමන් ගත් මොන්ටෙරෝ ජීප් රථයක් අද (21) අත්අඩංගුවට ගෙන ඇත. මධුමාධව අරවින්ද සමග සිද්ධිය වූ දා එකට ජීප් රථයේ පැමිණි ව්‍යාපාරිකයන් දෙදනාගෙන් එක් අයකුට අයත් කඩවත, ඉදිගහමුල්ලේ පිහිටි නිවසක තිබී මෙම ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් කණ්ඩායම් මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට මධුමාධව අරවින්ද මහතාගේ නිවසට තුන්වතාවක්ම ගොස් ඇති අතර, ඔහු අදාළ ව්‍යාපාරිකයන් දෙදෙනා සමග ප්‍රදේශයේ පලාගොස් ඇතැයි පොලීසිය හෙළිකරගෙන ඇත. පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීමට එක්වී ඇත. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..