brand logo

මධ්‍යම, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට තද වැසි තව දුරටත්

19 July 2019

මධ්‍යම, සබරගමුව පළාත් ඇතුළු ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ත් 150 ත් අතර ඉතා තද වැසි තව දුරටත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රදේශ රැසක් හරහා හමා යන සුළං තත්ත්වය ද තව දුරටත් පවතින්නේ ඉහළ අගයක් වන අතර සුළං වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර කළු ගඟේ රත්නපුර ප්‍රදේශයෙන් පැවති සුළු ගංවතුර තත්ත්වය පහව ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, සුළු ගංවතුර අවදානම හේතුවෙන් රත්නපුර, ඇලපාත හා පැල්මඩුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල ජනතාව ඊයේ (18) පස්වරුවේ ඉවත් කර ඇත. පවතින වර්ෂාවත් සමග රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කළුතර, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීම් අද පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළ අතර නායයාම් අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ ජනතාව මේ පිළිබදව අවධානය යොමු කරන ලෙසය.
 

More News..