brand logo

මධ්‍යම සංස්කෘතියට බුරුතු පිටින් සේවකයෝ

31 August 2019

ගෙවුණු වසර තුනක කාලයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලට හා එම අරමුදලෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් දෙදහස් හාරසීයක් පමණ බඳවාගෙන ඇත. එසේ බඳවාගත් එක්දහස් තුන්සිය අනූඅට දෙනකුම (1398) මධ්‍යම සංස්කෘතික අරමුදලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බඳවාගත් මුරකරුවන් වේ. එම කාලයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල ස්ථිර සේවකයන් ලෙස හයසිය හැටදෙනකුද, අනියම් පදනමින් දහසය දෙනකුද, කොන්ත්‍රාත් පදනමින් තුන්සිය විසිපස් දෙනකුද වශයෙන් එක්දහස් එක් දෙනකු (1001) බඳවාගෙන ඇත. කෙසේ වෙතත් 2015 වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිට ඇත්තේ ස්ථිර, අනියම් හා කොන්ත්‍රාත් පදනම යටතේ සේවකයන් එක්දහස් නවසිය අනූ දෙදෙනෙකි. (1992) චමින්ද සේනාරත්න
 

More News..