brand logo

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

13 May 2021

මධ්‍යම පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. කොවිඩ්-19 වසංගත සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මධ්‍යම පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 17 වනදා සිට ජූනි මස 14 වනදා තෙක් අත්හිටුවා ඇත. කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා නව ආදායම් බලපත්‍ර නිකුත් කරන අවස්ථාවේදී කිසිදු දඩ මුදලක් අය නොකරන බවද මධ්‍ය පළාත් සභාව මහජනතාවට දන්වා සිටියි.
 

More News..