brand logo

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් කොවිඩ් ගැන ස්වයංක්‍රීයව යාවත්කාලීන වන වෙබ් අඩවියක්

06 April 2020

කොවිඩ් 19 වෛරසයේ නවතම තොරතුරු සෑම තත්පරයකදීම ස්වයංක්‍රීයව යාවත්කාලීන වන වෙබ් අඩවියක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් එළිදක්වා ඇත. www.covid19.centralprovincegovernor.org යන ලිපිනය ඔසසේ මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වූ නවතම තොරතුරු ගෝලීය හා දේශීය වශයෙන් මෙහි අන්තර්ගතය. මෙම වෙබ් අඩවිය සඳහා නොමිලේම ලියාපදිංචිවීමේ අවස්ථාවද ජනතාවට හිමිව ඇත. තවද, කෙටි පණිවිඩ මගින් නවතම තොරතුරු මහජනතාව වෙත නොමිලේ බෙදාහැරීම සිදු කරයි. මහී කිරිඳිගොඩගේ මග පෙන්වීම යටතේ අරුණ ප්‍රසාද් කීර්තිරත්න, තුෂාර මධුෂාන්, හේෂාන් සංජීව, සමන්ත ලක්මාල් සහ රුක්මාල් දුෂාන්ත යන අය විසින් දින හතරකදී මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.   කමල් සුරවීර
 

More News..