brand logo

මධ්‍යම අධිවේගය පමාවීමට හේතුව මෙන්න

27 February 2021

මධ්‍යම අධිවේගී මාර්ගයේ එක් කොටසක ඉදිකිරිම් ප්‍රමාදවීම හේතුවෙන් එම මාර්ගයේ ඉදිරිකිරිම් සැලසුම් කළ පරිදි අවසන් කිරිමට නොහැකිව ඇති බව මහා මාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. හිටපු රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු විසින් එම කොටසේ ඉදිරිකිරිම් කොන්ත්‍රාත් පදනම මත ලබාගෙන ඇති අතර එහි ප්‍රමාදවීම හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරිකිරිමේ කටයුතු ප්‍රමාද වී ඇති බව අමාත්‍යවරයා පවසයි. "අඟහරුවාදාට කොන්ත්‍රාත්කරුවන් හතරදෙනෙක් ඉන්නවා ඔවුන් කතා කරලා තීන්දුවක් ගන්නවා. හොඳට වැඩකරන අනිත් කොන්ත්‍රාත්කරුවන්ට දීලා ඒ අය ඉවත්වෙන්න ඕනේ. ඔවුන් අඟහරුවාදා තීන්දුවක් ගන්න ඕනේ. නැත්නම් අපි සැලසුම් කරපු ආකාරයට කවදාවත් අවසන් කරන්න බෑ." යනුවෙන් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසයි.
 

More News..