brand logo

මධ්‍යම අධිවේගයේ හරි අලාභය විගණකාධිපති වාර්තාවෙන් එළියට

06 July 2019

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉදිකිරීම් පිළිබඳව ජාතික ප්‍රතිපත්ති නොසලකා හැරීම නිසා රටට සිදු වී ඇති අලාභය තක්සේරු කළ නොහැකි බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද වාර්තාවක සඳහන් කර තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම පිළිබඳව කරන ලද ශක්‍යතා අධ්‍යයන වාර්තා සඳහා අධ්‍යයන වාර්තාවක් සකස් කොට නොමැති බවද අදාළ වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර ඇත. මධ්‍යම අධිවේගී මාර්ග පථය නිසි ලෙස හඳුනා ගනිමින් ඇස්තමේන්තු සංශෝධනය කර නොමැති නිසා හා ලංසු ඇගයීමේ නිවැරදිතාව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවද අදාළ වාර්තාවේ අනාවරණය කොට තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ අවිධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයද විරෝධය පළ කර ඇතත් එය නොසලකා හරිමින් අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රියා මාර්ග ගෙන තිබුණේ හිටපු මහාමාර්ග ඇමැතිවරයාගේ උපදෙස් මත බවද හෙළිවී ඇත. රංජිත් ගුණවර්ධන
 

More News..