brand logo

මද්දුමබණ්ඩාරගේ ලිපියට පූජිත්ගෙන් ප්‍රතිචාර

07 November 2018

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබන්නේ, විධායකයේ ප්‍රධානියා සහ නිතීය හා සාමය හා පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. අද(07)පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පොලිස්පතිවරයා සඳහන් කළේය. ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකූලව පොලීසිය කටයුතු කරන බව පොලිස්පතිවරය සඳහන් කළේය. ඒ අනුව අමාත්‍යවරුන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලද ආරක්ෂක නිලධාරීන් පිළිබඳ 2015.11.09 දින ඉදිරිපත් කරන ලද පොලිස්පති චක්‍රලේකයේ ප්‍රතිපාදන යන්ට අනුව අදාළ මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට ලබාදී ඇති බව ඔහු සඳහන් කරයි. ඊයේ(06) පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පොලිස් මූලස්ථානයට යොමු කළ ලිපිය වලංගු නොවන බවත් එවා ක්‍රියාත්මක කළ නොහැකි බවත් පොලිස්පතිවරයා පැවසීය.
 

More News..