brand logo

මතුගම විහාරස්ථානයක ගිනි ගැනීමක් සිදුවෙයි

18 May 2021

මතුගම ප්‍රදේශයේ යටදොල ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ අද (18) දහවල් හදිසියේ ගින්නක් හටගෙන තිබේ. ගින්න විහාරස්ථානයේ ආවාසගෙය තුළ හටගෙන තිබෙන අතර වේගයෙන් උඩු මහල දක්වා ව්‍යාප්ත වී ඇත. අනතුරුව මතුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතු ගිනිනිවීම් රථ දෙකක් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබුණි. ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා හත් නමක් පමණ වාසය කරන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
 

More News..