brand logo

මත් වූ පියා සිගිත්තිය මරා මිත්තනියගේ අත කපයි

20 June 2021

ත්‍රිකුණාමලය කප්පල්තුරෙයි ප්‍රදේශයේ ඊයේ (19) සවස් යාමයේදී පියකු විසින් මාස 8ක් වයසැති තම සිඟිති දියණියට හා බිරියගේ මවට තියුණු ආයුධයකින් පහරදී ඇත. මෙම ප්‍රහාරයෙන් සිගිත්තිය මියගොස් ඇති අතර මිත්තනියගේ එක් අතක් වළලු කර ළඟින් වෙන්වී ඇත. අනෙක් අතෙහිද ඇගිලි දෙකක් හැර අනෙකුත් ඇඟිලි කැපී ගොස් ඇත. අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී ඇති සැකකරු සිගිති දියණියට මුලින්ම ආයුධයෙන් පහර දී ඇත. ඒ ​අවස්තාවේදී මිත්තනිය විසින් එය වැළක්විමට යෑමේදී ඇගේ අත වළලු කර ළගින් කපා වෙන් කර අනෙක් අතටද බරපතල ලෙස හානි කර ඇත. තුවාලකාරිය ත්‍රිකුණාමලේ මහ රෝහලට ඇතුළත් කර ඇත. පවුල් ආරවුලක් දුර දිග යාමෙන් මෙම අපරාධය සිදු ව ඇති බව පැවසේ. සුමේධ රොෂාන් - ත්‍රිකුණාමල  
 

More News..