brand logo

මත් පෙති 3000ක් කොටුවෙන් සොයා ගනී

08 April 2021

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඇති ඖෂධ අලෙවිසැලක තිබී මත් පෙති 3000ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන ඇත. කඩවත - රුප්පාගොඩ ප්‍රදේශයෙන් මත්පෙති 140ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබාදුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. මෙම මත් පෙති සොයා ගැනීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත නීතිවිරෝධී ලෙස මත්පෙති බෙදා හැර ඇති බව හෙළි වී ඇත. මෙම ඖෂධ අලෙවිසැලේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇත. ඖෂධ අලෙවිසැලේ හිමිකරු සහ රුප්පාගොඩ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කඩවත් පොලිසියට බාර දී තිබේ.
 

More News..