brand logo

මත් ජාවාරමකට අනුබල දුන් පොලිස් පරීක්ෂකවරයෙක් මාට්ටු

18 January 2021

මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දුන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර මුලස්ථාන පොලිස් පරීක්ෂක විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ දී 43 හැවිරිදි අදාළ පොලිස් පරීක්ෂකවරයාව අද (18) උදෑසන 11.15ට පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබු ජංගම දුරකථන 5ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරමකට යම් ආකාරයකින් අනුබල දී ඇතැයි අනාවරණයවීමත් සමග එම පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පොලිස් පරීක්ෂකවරයා ව අද දිනයේ දී අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 

More News..