brand logo

මත් උවදුර මඬින්න පාසල්වලට නව චක්‍රලේඛයක්

31 July 2020

මත් උවදුර රටින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම සම්බන්ධ උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත. පාසල් ප්‍රමුඛ අනෙකුත් අධ්‍යාපන ආයතන මෙන්ම අධ්‍යාපනික අවශ්‍යතා සඳහා යොදාගනු ලබන අනෙකුත් සියලු බාහිර පරිශ්‍රයන් තුළ මත්ද්‍රව්‍ය, මද්‍යසාර, දුම්කොළ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන හෝ මත්ද්‍රව්‍ය ආදේශක වශයෙන් යොදාගන්නා සියලු නිෂ්පාදන ප්‍රවර්ධනයට භාවිත කිරීමට හෝ අලෙවියට ඉඩදීම සපුරා වැළැක්වීමට ආයතන ප්‍රධානීන් විසින් මැදිහත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබේ. මීට අමතරව මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ඒ සඳහා ආයතනික මට්ටමින් සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම ඇතුළු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙම චක්‍රලේඛය මගින් දැනුවත් කෙරෙන අතර මෙරට දරු පරපුර මත් උවදුරෙන් වළක්වා ගැනීම වෙනුවෙන් වන ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙමගින් පිටුබලයක් සැලසෙනු ඇතැයි අමාත්‍යාංශය නිවේදනය කරයි.    
 

More News..