brand logo

මත්පෙති 1000ක් සමග දෙදෙනෙක් මාට්ටු

20 January 2021

ගල්කිස්ස පොලිස් වසමේ කොතලාවලපුර ප්‍රදේශයේ දී මත්පෙති 1000ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රී 9.40ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26ක් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. සැකකරුවන් දෙදෙනා අද (20) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

More News..