brand logo

මත්පැන් හල් වහන්නේ නෑ

09 October 2020

රට තුළ නැවත කොවිඩ් වසංගත තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ අනුව පබ්ස් ඇන්ඩ් බාර්ස් හා කැසිනෝ හා රාත්‍රී සමාජ ශාල පමණක් වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. විදේශ මත්පැන් තැබෑරුම්, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, අවස්ථා බලපත්‍ර, බියර් හා වයින් ස්ථානීය පරිභෝජනය යන සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන එළැඹෙන 31 දා තෙක් වසා තබන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව වයින් ස්ටෝර්ස්, හෝටල, තානායම්, බියර් හා වයින් සිල්ලරට විකිණීම යන සුරාබදු ස්ථාන එළැඹෙන 31 දා තෙක් ඉහළ සීමා කිරීම් යටතේ පවත්වාගෙන යෑමට අවස්ථාව පවතී. කෙසේ වුවද අධි අවදානම් හා වසා තැබෙන ප්‍රදේශ සඳහා ඉහත කී කරුණු අදාල නොවන බවද එම නිවේදනයේ දැක්වෙයි.
 

More News..