brand logo

මත්පැන් පිටුදකින අය පමණක් බලයට පත් කරන්න

24 June 2020

මත්පැන් පිටු දකින අපේක්ෂකයන්ව පමණක් මෙවර මැතිවරණයේ දී බලයට පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. සුරාවේ ආදීනව ප්‍රකාශ කරමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් ආරම්භ කරන්නැයි සංඝ සමාජයෙන් ඉල්ලීමක් කළ බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පැවැසීය. ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා අපේක්ෂකයන් අල්ලසක් ලෙස සුරාව ඡන්දදායකයන්ට ලබා දෙන බවත් හෙතෙම පෙන්වා දෙයි. කෝටි විසිදෙකක් වන සමස්ත ජනතාවගෙන් මත්පැන් පානය කරන්නේ සියයට දාහතරක ප්‍රතිශතයක් බව සමීක්ෂණයක දී හෙළි වී ඇතැයිද වෛද්‍ය පාදෙණිය කීවේය. කොරෝනා වසංගතය හේතුවෙන් සුරාසල් වසා තැබීම නිසා වයිරසය රට පුරා පැතිර යෑම පාලනය වූ බවත්, එය කෝටි විසිදෙකක ජනතාවගේ ජීවිත ආරක්ෂා වීමට හේතුවක් වූ බවද එම සංගමය පෙන්වා දෙයි. ශ්‍රියානි විජේසිංහ
 

More News..