brand logo

මත්පැන් අලෙවියේ සීමාසංශෝධනය වෙයි

12 October 2020

මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව පනවා ඇති සීමාවන් සංශෝධනය කර ඇත. සංචාරක මණ්ඩලය විසින් අනුමත කරන ලද හෝටල් සහ ආපන ශාලාවල මෙහෙයුම් පිළිබඳ ව්‍යාකූලත්වය හේතුවෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගමගේ ගේ උපදෙස් මත මෙම සංශෝධන සිදුකර තිබේ. ඒ අනුව 2020 ඔක්තෝබර් 9 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රටපුරා වයින් සහ මත්පැන් හල් (සිල්ලරට විකිණීම) හෝටල, තානායම් 2020 ඔක්තෝබර් 31 වැනිදා තෙක් පවත්වාගෙන යා හැකිය. කෙසේ වෙතත් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති මෙම නව නියමයන්ට අනුව ‘පබ්ස් ඇන්ඩ් බාර්ස්, කැසිනෝ හා රාත්‍රී සමාජ ශාලා (විදේශ මත්පැන් තැබෑරුම්, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, අවස්ථා බලපත්‍ර සහ බියර් හා වයින් ස්ථානීය පරිභෝජනය) 2020 ඔක්තෝබර් 31 වැනිදා තෙක් වසා තැබිය යුතුවේ. නයන තරංග ගමගේ
 

More News..