brand logo

මත්පැන්වලටත් මිල සූත්‍රයක්

05 December 2019

මත්පැන් සඳහා ලබන වසරේ සිට මිල සූත්‍රයක් හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ඒ සඳහා සුරාබදු පනත සංශෝධනය කිරීමට නියමිතය. ලෝක වෙළෙඳපොළේ මත්පැන් මිල සහ අමුද්‍රව්‍ය මිල ගණන් අඩු වූ අවස්ථාවලදී දේශීය වෙළෙඳපොළේ මත්පැන් මිල ගණන් අඩු නොවන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මිල සූත්‍රය හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි. මෙමගින් දේශීය වෙළෙඳපොළේ මත්පැන්වල තත්ත්වය සහතික කිරීමටද හැකියාව ලැබෙයි. මෙම වැඩපිළිවෙළ යටතේ සුරාබදු දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය කාර්යාල සම්පූර්ණයෙන්ම පරිගණක ගත කිරීමට සැලසුම් කර තිබේ. එහිදී දිවයින පුරා මත්පැන් අලෙවිය, ලැබෙන ආදායම පිළිබඳව නිරීක්ෂණය කළ හැකි බව නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කරයි. නව යෝජනා මේ වන විට මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබේ. උදයජීව ඒකනායක
 

More News..