brand logo

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විභාග වන නඩු කඩිනම් කරන්නැයි සියලු රජයේ නීතිඥවරුන්ට උපදෙස්

02 April 2019

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විභාග වන නඩු කඩිනම් කරන්නැයි සියලු රජයේ නීතිඥවරුන්ට උපදෙස් දුන් බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විභාග වෙමින් පවතින නඩුවලට අදාළව ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරිම මෙහි අරමුණ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අවස්ථා 4 කදී සිය භාරයට ගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 769 කට අධික තොගයක් ඊයේ විනාශ කරනු ලැබු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේ ඊයේ එම කටයුතු ආරම්භ කෙරුණි.
 

More News..