brand logo

මත්ද්‍රව්‍ය සමග අප්‍රිකානුවෙක් ගුවන් තොටේ දී අත්අඩංගුවට

09 May 2021

සූක්ෂම ලෙස රුපියල් මිලියන 60 කට ආසන්න කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 29ක්‌ ඉතා රහසිගතව සඟවාගෙන මෙරටට පැමිණි දකුණු අප්‍රිකානු ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්ව ඇත. කටාර් ගුවන් සේවයට අයත් QR664 දරන ගුවන් යානයෙන් කෙන්යාවේ නයිරෝබි නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා එම සැකකරු මෙරටට පැමිණ තිබේ. සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී ''ෂැම්පු බෝතල්'' දෙකක් තුළ එම මත්ද්‍රව්‍ය සඟවා තිබියදී සොයාගෙන ඇත. එම අප්‍රිකානු ජාතිකයා වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.
 

More News..