brand logo

මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ කටයුතු තවදුරටත් ශක්තිමත් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

27 December 2018

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත. ජනපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් ඉතා ශක්තිමත් කර තිඛෙන අතර එහි සුවිශේෂි ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 2018 ජනවාරි 01 දා සිට සිට ඔක්තෝබර් 31 වනදා දක්වා මාස 10 ක කාලය තුළ දී අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 184.6 ක ප්‍රමාණයක් බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙයි. එමෙන්ම පසුගිය මාස 02 ක කාලය තුළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සැකකරුවන් 15,530 ක් පමණ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු ඉඩක් නොතබා එය මර්දනයට අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වන අතර, එහි දී නීතිය කාර්යක්ෂමව සහ දැඩිව කි්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය බලතල අදාළ ආයතන සහ නිලධාරින් වෙත පවරාදීමට අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය ද මේ වන විට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනමින් සිදු වෙමින් පවතින බව ද එම නිවෙධනයේ සඳහන් වනවා.  
 

More News..