brand logo

මත්ද්‍රව්‍ය බෙදාහැරිමේ නිරත යුවලක් අත්අඩංගුවට

18 April 2021

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් ළඟ තබාගෙන සිටි යුවලක් පොලීසිය විසින් අද (18) අත්අඩංගුවට ගෙන ඇත. තලංගම හීනටිකුඹුර ප්‍රදේශයේ දී අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකාර 33 හැවිරිදි කාන්තාව නෝනාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර සසකරු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම යුවල මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට අනාවරණය වී තිබෙන බවය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින බවට සැකකෙරෙන කළු සාගර සහ ඔහුත් සමග ජීවත්වෙන මුතු නැමති කාන්තාවක් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇත.
 

More News..