brand logo

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයින් දෙදෙනෙක් මාට්ටු

08 February 2021

  මත්ද්‍රවය ජාවාරමේ නිරත “සොබා“ නොහොත් රොෂේන් නමැති මත් ජාවාරම් කරුගේ ගෝලයන් දෙදෙනෙක් ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (07) රාත්‍රියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර තිබෙන අතර ගල්කිස්ස සේරම් පාර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් සමගින් එම පුද්ගලයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීම් කිරීමේදී අනාවරණය කරගෙන ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින රොෂාන් නොහොත් සොබා නැමැත්තාගේ ගෝලයන් බවයි. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 90ක්, හෂීෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් සොයාගෙන ඇති අතර අද (08) සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

More News..