brand logo

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතුයි - ජනපති

28 January 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) යළිත් අවධාරණය කළා. මත්ද්‍රව්‍ය නිවාරණය හා අපරාධ මැඬපැවැත්වීමට සම්බන්ධ වූ පොලීස් නිලධාරීන් 1034කට ජනපති සම්මාන හා ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයේ පළමු අදියර සඳහා එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් ජනාධිපති සම්මාන පිරිනැමූ මෙරට ප්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ "මතින් නිදහස් රටක් සංකල්පය" සාර්ථක කරගැනීම සඳහා දිවිහිමියෙන් කැපවූ පොලිස් නිලධාරීන් ඇගයීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය සංවිධාන කළ ජනාධිපති ප්‍රශංසා සම්මාන උළෙල අද පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි. ජනාධිපති පොලිස් වීරතා පදක්කම නිලධාරීන් 15 දෙනෙකුටත්,ජනාධිපති පොලිස් දක්ෂතා පදක්කම නිලධාරීන් 59 දෙනෙකු වෙතත්,සෙසු පිරිස වෙත ජනාධිපති ප්‍රශංසා සහතික පත් ප්‍රදානයත් සිදුකෙරුණා.
 

More News..