brand logo

මත්කුඩු සමග අත්අඩංගුව⁣ට ගත් සැකකරු පලා යාමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් මරුට

12 November 2019

හෙරොයින් ග්‍රැම් 30 යි මිලි ග්‍රැම් 650 ක් සමග ගාල්ල පෝද්දල නරාවලදි අත් අඩංගුවට ගත් ජම්බුගස් වත්ත,නරාවල,පෝද්දල පදිංචි වයස අවු: 34 ක් වූ ලියන ආරච්චි දිනේෂ් චමින්ද නැමැත්තා අද (12) දින කරාපිටියරෝහලේ අධිකරන වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරිම සදහා මාංචු සහිතව රැගෙන යාමේදි පොලිස් නිලධාරින්ගෙන් මිදි පලා යාමට උත්සහ ගත් විට එහි සිටි නිලධාරියෙකු විසින් තබන ලද වෙඩි පහරින් එම සැකකරු මියගොස් ඇත. හික්කඩුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති පොලිස් මත්දුව්‍ය අංශයේ නිලධාරින් කන්ඩායමක් විසින් ඊයේ ප.ව.0630 පමන නරාවල ප්‍රදේශයේ සිදුකරන ලද වැටලිමකදි ඉහත සැකකරු හෙරොයින් ග්‍රැම් 30 යි මිලි ගුැම් 650 ක් සමග අත් අඩංගුවට ගත් බව එම අංශයේ නිලධාරියේ ප්‍රකාශකරන ලදි. සැකකරු අද(12)මධ්‍යනයේ පැය.1225 ට පමන පමන සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරි මහතාට ඉදිරිපත් කිරිම සදහා ගාල්ල කරාපිටිය රොහලට රැගෙනවිත් මාංචු ගලවා අධිකරණ වෛද්‍ය නිලධාරි මහතා ඉදිරිපත් කිරිමට සුදානම් වෙද්දි එකවරම සැකකරු පොලිස් නිලධාරින්ගෙන් මිදි පලාගොස් ඇත. ඔහු පිටුපස ලුහු බැදි පොලිස් නිලධාරින්ගේ අන නොතකා දිව යාම නිසා ලුහුබැද ගිය නිලධාරියෙකු සතුව තිබු ගිනි අවියෙන් වෙඩි තබා ඇත. මෙම වෙඩි පහරින් තුවාල ලැබු සැකකරු කරාපිටිය රොහලේ හදිසි ප්‍රථිකාර ඒකකයට ඇතුලත් කිරිමෙන් පසුව මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය. ගාල්ල පොලිස්ථානය විසින් සිද්ධිය සම්බන්දව පරික්ෂණ පවත්වයි. අක්මිමණ එච්.එම්.සමන්
 

More News..