brand logo

මත්කුඩු ජාවාරමේ මධ්‍යස්ථානය වැලිකඩ බන්ධනාගාරය - ජනපති

22 July 2019

රටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප‍්‍රබලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට අද වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි. පසුගියදා නාවික හමුදාව මගින් මුහුදේ දී හෙරෝයින් කි.ග‍්‍රැම් 270ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේ දී එම කටයුතු මෙහෙයවා ඇත්තේ ද වැලිකඩ බන්ධනාගාරයේ සිට බවට තොරතුරු අනාවරණය වී ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජනාධිපතිතුමා සඳහන් කළේ ඒ සම්බන්ධව විශේෂ පරික්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකරන බවයි. අද (22) පෙරවරුවේ මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යා පාසලේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය. මෙහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ යහපත් සමාජයක් ගොඩනැගීමේ දී ප‍්‍රමුඛ ඉලක්කය වන්නේ අධ්‍යාපනය බවයි. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් අද රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපන අයිතින් සුරක්ෂිත වී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා පසුගිය සිව් වසර තුළ විවිධ අභියෝග හමුවේ වුව ද නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරිමට විශේෂ වැඩකොටසක් ඉටුකළ බව ද සඳහන් කළේය.
 

More News..