brand logo

මඩු දේවස්ථානයේ ජූලි මස මංගල්‍යයට සීමිත පිරිසක්

29 June 2020

මඩු දේවස්ථානයේ ජූලි මස මංගල්‍යය වෙනුවෙන් බැතිමතුන් සීමිත පිරිසක් පමණක් සහභාගි කරවා ගැනීමට නියමිත බව මන්නාරම දිස්ත්‍රික් ලේකම් එස්.ඒ. මෝහනදාස් පවසයි. මන්නාරම මඩු දේවස්ථාන ජූලි මස දේව මෙහෙය එළැඹෙන 02 වැනිදා පැවැත්වීමට නියමිතය. මඩු දේවස්ථාන මංගල්‍යය සම්බන්ධයෙන් මන්නාරම දිසාව භාර රදගුරු ඉමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ උපදෙස් මත මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා එලෙස පැවැසුවේය. එම දිනයන්ට පැමිණෙන බැතිමතුන් මඩු මාතා විශේෂ දේව මෙහෙය පැවත්වෙන අගෝස්තු මාසය දක්වා මඩු දේවස්ථාන භූමියේ තාවකාලික කූඩාරම් ඉදිකර රැඳී සිටී. කෙසේ වෙතත් මෙවර පවතින කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් දේව මංගල්‍යයට සහභාගී වන බැතිමතුනගේ ආරක්ෂාව වෙනුවෙන් ද සෞඛ්‍ය උපදෙස් මත දුර සිට පැමිණෙන බැතිමතුන් සීමා කිරීමට සිදු වන බවටත් ඉන් බැතිමතුන් වෙනුවෙන් සිදුවන අපහසුතාවන්ට කනගාටුව ප්‍රකාශ කරන බවටද මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය පවසා සිටී.
 

More News..