brand logo

මඩකළපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම නිලධාරි වසම හුදකලා කරයි

21 January 2021

කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග මඩකළපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම නිලධාරී වසම අද (21) පස්වරු 6.00 සිට හුදකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කළ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කර ඇත. එම ප්‍රදේශ පහතින්.... 01. කාත්තන්කුඩි පොලිස් වසමේ * 161 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 03. * 165 ඒ, කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර. * 165 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර. * 166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 02. * 166 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර. * 167 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර. * 167 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර. * 167 ඩී නව කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර. 02. බණ්ඩාරගම / අටළුගම * 660 ඒ එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම * 659 බී බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම 03. මොණරාගල / බඩල්කුඹුර * අළුපොත ග්‍රාම නිලධාරී වසම  
 

More News..